FAST NEWS

24×7 Around the Globe

ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (31) රාත්‍රියේ තලංගම – බටපොත පාර ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොස්වත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට වාර්තා වේ.

මොහු 28 හැවරදි පුද්ගලයෙකු වන අතර කුමන ප්‍රදේශයක පදිංචිකරුවෙක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.