FAST NEWS

24×7 Around the Globe

කුවේටයේ පීඩනවලට ලක්වූ ගෘහ සේවිකාවන් 36 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (01) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. 

මෙම පිරිස එරට හාම්පුතුන් විසින් විවිධ හිරිහැරවලට ලක්වී පසුව එරට තානාපති කාර්යාලයේ රඳවා තබා ගෙන සිටි පිරිසක් වෙයි.

ඔවුන් තම හාම්පුතුන්ගේ නිවෙස් වල සේවය කරමින් සිටියදී හිරිහැර තව දුරටත් ඉවසා ගත නොහැකිව මෙසේ කුවේටයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලය වෙත ගොස් ඇත.

විෂය භාර අමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විශේෂ මැදිහත් වීම මත එරට සිටින මෙරට ගෘහ සේවිකාවන් ලංකාවට එවීමට සෞදි රජය කටයුතු කර ඇති ඇති බව මෙහිදී නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශය සඳහන් කරයි.