(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කථානායක කරූ ජයසූරිය මහතා පොලිස් කොමිෂමට බලපෑම් කළ බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
අදාළ නිවේදනය පහතින් ,
“කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් අද (2019.12.31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.
පසුගිය දෙසැම්බර් 27 වන සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරින් කැඳවා කථානායකවරයා විසින් බලපෑම් කල බවට එම පුවතේ සඳහන් වන නමුත්, කිසිදු විටක පොලිස් කොමිසමේ කවර හෝ නිලධාරියෙකු කථානායකවරයා විසින් කැඳවා බලපෑමක් සිදුකර නොමැත. (එහි සත්‍ය අසත්‍යතාවය පොලිස් කොමිසම වෙතින් තහවුරු කර ගැනීම මැනවි.)
සත්‍ය එසේ වන හෙයින්, මෙවැනි අසත්‍ය සහ පටු වුවමනාවන් මත මුළුමනින්ම ගොතන ලද පුවත් පලකිරිමෙන් සහ කථානායකවරයාට එරෙහිව දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේ දිනවල සැලසුම් සහිතව සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ තුළින් එතුමන් කිසිවිටකත් නොසැලෙනු ඇති බව මෑත ඉතිහාසය මගින් ඔප්පු කර ඇත.
ස්වාධීන කොමිසම් සභා ක්‍රියාවලියට පදනම සැපයූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය උදෙසා 1999 වසරේ සිටම කැප වු කරු ජයසුරිය මැතිඳුන් කථානායකවරයා ලෙස එම කොමිසම් සභාවන්හි ස්වාධීනත්වයට කැළලක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබනු ඇත.








