FAST NEWS

24×7 Around the Globe

අද සිට බස් රථ වලින් සුභාවිත ගීත රසවිඳින්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු බස්රථ සඳහා සුභාවිත ගීත 1000 කින් සමන්විත ගීත එකතුවක් හඳුන්වාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික බස්රථවල අධික ශබ්ද සහිත ගීත වාදනය කිරීම තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 1955 විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේය.

මහජන පැමිණිලි මත තවදුරටත් අධික ශබ්ද සහිත ගීත වාදනය කරන බස් රථ රියදුරන් හා රිය සහායකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට නියමිතය.

මේ අතර බස් රථවල ඇති රූපවාහිනී යන්ත‍්‍රවල ප‍්‍රදර්ශනය කිරීම සඳහා උසස් ගීත වීඩියෝ ලබාදීමේ වැඩපිළිවෙළක් ද කි‍්‍රයාවට නංවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියි.