FAST NEWS

24×7 Around the Globe

කෝටියක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

යුද හමුදාව සහ සෙට්ටිකුලම පොලීසිය ඒකාබද්ධව සෙට්ටිකුලම නගරයේදී හදිසි මාර්ග බාධකයක් යොදා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පරීක්ෂා කිරීමේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වේ.

අත්අඩංගුවට ගත් තරුණයා මීට සති දෙකකට පමණ පෙර දෝහා කටාර් සිට පැමිණ ඇති අයෙක් බව පොලිසිය සඳහන් කළේය.