(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ගම්පහ සහ මාතර යන ප්රදේශවල පදිංචිකරුවන් වෙයි.
මොවුන්ගෙන් එක් අයෙකු වාහන අමතර කොටස් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනික් සැකකරු වාද්දුව පොලිසිය මගින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.








