(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බදුලු ඔයේ දියනෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (30) දහවල් බදුල්ල හාලිඇල ප්‍රදේශයෙන් බදුලු ඔයේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12 ත් 16 ත් අතර, ගැහැණු ළමයින් දෙදෙනෙකි.








