(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳගෙන් ඉදිරි දින කිහිපය තුළ තවත් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (29) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අදාළ කාන්තාව පසුව කොළඹ පිහිටි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කරනු ලැබීය.
ඉන් පසුව රාත්‍රී 8.00 ට පමණ ඇය මුදාහැර ඇති අතර , අදළ කාන්තාව දිවයිනට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා එහි පිටත්ව ගොස් තිබුණි.








