(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට ඇප නියම කර තිබේ.
සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේය.
අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම කර ඇත.








