FAST NEWS

24×7 Around the Globe

පොලිස් අධිකාරිවරුන් 11 කට උසස් වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබේ. 

පසුගිය 21 වනදා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගත් ලකුණු සහ ජ්‍යෙෂ්ඨත්වය අනුව අදාළ උසස්වීම් ලබාදී ඇත.

ඒ අනුව , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු , පසුගිය නොවැම්බර් මස 30 වනදා සිට බලපැවැත්වෙන ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු ලබන වසරේ ජනවාරි මස 5 වනදා සිට බලපැවැත්වෙන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට කටයුතු කර තිබේ.