FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා සමග බන්ධනාගාර නිළධාරීන් 85 ක් ගණුදෙනු කළ බව හෙළි වේ.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා එම ජාවාරමට යොදා ගත් දුරකතන අංක 184 න් 85 ක්ම බන්ධනාගාර නිලධාරීන්ට අයත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

වෙලේසුදා නැමැත්තා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්නා විමර්ශන වලට අදාලව වැඩිදුර වාර්තාවක් ගොනු කරමිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ මේ බව කියා සිටියේ.

මත්කුඩු අලෙවිකර අයථා ලෙස මුදල් ඉපයීමට වෙලේසුදා යොදාගත් දුරකතන අංක 184 ක් සම්බන්ධයෙන් රහස් පොලිසිය දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකර ඇති අතර ඉන් 85 ක්ම බන්ධනාගාර නිලධාරීන්ට අයත් බවයි එමගින් හෙළි වී ඇත්තේ.