FAST NEWS

24×7 Around the Globe

රුසියානු විදේශ ඇමති දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ලබන ජනවාරි 14 වන දා සහ 15 වන දා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

ඊට අමතරව රුසියානු විදේශ අමාත්‍යවරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද මුණගැසීමට නියමිතව ඇත.