FAST NEWS

24×7 Around the Globe

සුදු වෑන් රියදුරන් දෙදෙනා යළි රිමාන්ඩ් [UPDATE]

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා ලබන ජනවාරි 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (27) නියෝග කළාය.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජිත සේනාරත්න සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, අදාළ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.