(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වව්නියාව, බෝගස්වැව හමුදා කඳවුර ආසන්නයේදී හමුදා සාමාජිකයෙකුට පහරදී ඔහු සතු ගිනිඅවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, වව්නියාව මහේස්ත්රාත් එම්. රියාල් හමුවට ඊයේ (26)ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලිසිය සඳහන් කළේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කැකිරාව ප්රදේශයේ පදිංචි කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ එම ප්රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකු බවයි.








