(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනයේදී අද පස්වරුවේ දී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේය.








