FAST NEWS

24×7 Around the Globe

තිදෙකුට දිවි අහිමි කල ඇඹිලිපිටියේ රිය අනතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද උදෑසන 05.00ට පමණ ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක් බව පොලිසිය පවසයි.

තුවාල ලැබු තවත් දෙදෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.