(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) පස්වරුව වනවිට මෙවර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්රකාශ කර තිබේ.
විභාග ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස දැනගත හැකි බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.
පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටියේය.
නව විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයින් එක්ලක්ෂ 98,229ක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ අපේක්ෂකයන් එක්ලක්ෂ 39,475 දෙනෙකු ලෙස මෙලෙස ඉදිරිපත් වී තිබේ.








