(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්රධාන නළ මාර්ගයේ හදිසි ජල කාන්දුවක් හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇත.
පෑලියගොඩ සහ වත්තල , මාබෝල නගර සභා බල ප්රදේශ මෙන්ම වත්තල සහ කැළණිය යන ප්රාදේශීය සභා බල ප්රදේශ ඊට යටත් වන බවත් , මේ වන විට පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.








