FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු මත පාසලක් ලැබී නොමැති සිසුන්ගෙන් අභියාචනා කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2020 වසරේ 06 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු ‍මෙන්ම, ශිෂ්‍යත්ව විභාගය සමත් එක් එක් දරුවන්ට හිමි වී ඇති පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන්‍‍ එම තොරතුරු ලබාගත හැකි අතර,

මෙම කඩඉම් ලකුණු මත 2019 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත් ඒ අනුව හිමි විය යුතු පාසල ලැබී නොමැති හෝ ලැබී ඇති පාසල සාධාරණ හේතූන් මත වෙනස් කරගැනීමට අවශ්‍ය සිසුදරුවන්ට ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති ආදර්ශ අයදුම් පත්‍රය භාවිතයෙන් අභියාචනා ඉදිරිපත් කළ හැකිය.

ඒ අනුව, නිවැරදිව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් 2020-01-06 දින සිට 2020-01-17 දක්වා කාලය තුළ අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව,අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනය වෙත යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.