FAST NEWS

24×7 Around the Globe

බෝගස්වැව සිද්ධියේ සැකකාර සෙබළාගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වව්නියාව, බෝගස්වැව හමුදා කඳවුර ආසන්නයේදී හමුදා සාමාජිකයෙකුට පහරදී ඔහු සතු ගිනිඅවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු යුද හමුදා සෙබළාගේ වැඩ තහනම් කර තිබේ.

සැකකරු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ උසාවියක් යටතේ සහ අදාළ හමුදා ඒකකය මගින් වෙන වෙනම විමර්ශන සිදුකෙරෙන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (25) පස්වරුවේ සැකකරු විසින් පැහැරගත් ගිනි අවිය කැකිරාව ප්‍රදේශයේදී පොලිස්භාරයට ගෙන තිබේ.