FAST NEWS

24×7 Around the Globe

කළුබෝවිල රෝහලේ 6වන මහලෙන් වැටී රෝගියෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එහි 6 වන මහලෙන් වැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ විජේරත්නපුර පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය කියා සිටියේ මෙම පුද්ගලයා සිරුරේ ඇති වූ තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු මීට දින කිහිපයකට පෙර රෝහල්ගතව තිබෙන බවයි.

ඔහු සිය දිවි හානි කර ගත්තා ද යන්න පිළිබදව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.