(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් කුමාර නමැත්තා අද යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ලබන 09 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.
පසුගිය ජූලි මස හෙට්ටිපොල නගරයේදී ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි නාමල් කුමාර නමැත්තාට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබේ.








