FAST NEWS

24×7 Around the Globe

ශිවාජිලිංගම්ට හෙට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් හට හෙට (27) දිනෙය්දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ.  

පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා  ගැනිම සඳහා මෙම කැඳවීම සිදු කර ඇති බව සදහන්.

පසුගිය මැයි මස 12 වන දින සිට සතියක කාලයක් ජන සංහාර සැමරුම් සතිය නමින් සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එය එම්.කේ සිවාජිලිංගම් මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කර තිබුණි.