FAST NEWS

24×7 Around the Globe

දශකයකට පසුව ඇතිවූ අති විරල සූර්යග්‍රහණය [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අති විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද (26) ශ්‍රී ලංකාවාසීන්ට පෙරවරු 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළ දැකබලා ගැනීමේ අවස්ථාව උදාවිය. 

සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට ඇතුළු වන්නේ යාපනයේ ඩෙල්ෆ් දූපත දිශාවෙන් වන අතර , ඉන් අනතුරුව මඩකලපුව වාකරේ ප්‍රදේශයෙන් එය ඉවත්ව යනු ඇති.

මන්නාරම සහ වාකරේ නගරය යා කෙරෙන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙය වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් දකුණු ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් දිස්වනු ඇති.

කිළිනොච්චිය ප්‍රදේශයට සූර්යග්‍රහණයේ වළයාකාර බවේ උපරිම අවස්ථාව දැක ගත හැකිය.

වළයාකාර සූර්යග්‍රහණයකදී සිදුවන්නේ සූර්යය චන්ද්‍රයාගෙන් ආවරණය වී වලල්ලක් ආකාරයට දිස්වීමයි.

අද ඇති වන සූර්යග්‍රහණයෙන් පසු නැවත වළයාකාර සූර්යග්‍රහණයක් ඇති වන්නේ 2031 මැයි 21 වැනිදා බවයි ආතර් සී. ක්ලාක් ආයතනය සඳහන් කරයි.

මීට පෙර වළයාකාර සූර්යග්‍රහණයක් ලක්වාසීන්ට දැකගැනීමට හැකි වූයේ 2010 වසරේ ජනවාරි 15 වැනිදායි.