(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජා-ඇල ප්රදේශයේ සිදු කල විශේෂ පරික්ෂා කිරීමකදී සැකකටයුතු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව විසින් ජා-ඇල රත්නවාලි සිනමාහල ඉදිරිපිට සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර ඇති අතර, එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන්ගේ සැකකටයුතු හැසිරීම් සහ ඔවුන්ගෙන් සිදුකරන ලද ප්රශ්න කිරිම් වලදී එකිනෙකට පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් සැකපිට නාවික හමුදා බාරයට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයින් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදි ඇත.








