FAST NEWS

24×7 Around the Globe

සුනාමිය සිදුවී හෙටට වසර 15යි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   සුනාමි ව්‍යවසනය සිදුවී හෙට දිනට වසර 15 ක් සපිරේ.

මේ නිසා එම ව්‍යවසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් හෙට දිනයේදී මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 9.25 සිට 9.27 දක්වා එම මිනිත්තු දෙකක නිශ්ශබ්දතාව රකින ලෙස එම මධ්‍යස්ථානය දැනුම් දීමක් කරයි.