(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 95%කට අධික ප්රතිශතයකින් අවසන් වි ඇති බව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන පවසයි.
බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු වල අවසන් අදියරට පැමිණ ඇති හෙයින් ඉතා ඉක්මනින් බිම්බෝම්බ වලින් තොර ශ්රී ලංකාවක් වශයෙන් දැකිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
යුද්දෙන් පසුව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතුවල නිරත රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන විසින් උතුරු පළාත තුළ වර්ග මීටර් 955, 511 ක භූමියක් තුළ බිම්බෝම්බ 20,984ක් සොයාගෙන ඇති බවට එම සංවිධාන කියාසිටිති.








