FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

නිවාස 608 කින් යුත් මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ලබන වසරේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිතය.