(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියාවේ විශාලතම, හීලෑ හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ රාජා හස්තියා සිදුකර ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා රුපියල් 45 ක් වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු සුදානම් කර තිබේ.
මේ සඳහා වන රාජ්‍ය උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 30 වෙනි දින පෙරවරු 9 ට සිය නිවෙස්දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රාජා හස්තියාගේ හිමිකරු වන ගම්පහ, නැදුන්ගමුවේ වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පවසයි.








