FAST NEWS

24×7 Around the Globe

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල්වලට නඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ පාලන මිළ ඉක්මවා සහල් අලෙවි කල වෙළඳසැල් 450 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙන අතර , දිවයින පුරා වෙළඳසැල් 13 දහසක් පමණ ඊයේ (23) දිනයේදී පරීක්ෂාවට ලක්කර තිබේ. 

මේ වන විට රුපියල් 98 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සම්බා සහ නාඩු සහල් එම මිළට වැඩියෙන් අලෙවි කල වෙළඳසැල්වලට එරෙහිව මෙලෙස නඩු පැවරෙනු ඇත.