(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක අද (24) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුගිය 19 වන දා නඩුව කැදවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්රාත් කාංචනා නෙරංජනා ද සිල්වා නියෝග කළේ අද දිනය දක්වා මන්ත්රීවරයා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසයි.








