(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (23) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් එහි සහල් මිල පිළිබඳ සොයා බැලුවේය.
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වූ ජනාධිපතිවරයා සහල් මිලෙහි වත්මන් තත්වය පිළිබඳ ද එහිදී වෙළෙන්දන්ගෙන් විමසනු ලැබුවේය.








