FAST NEWS

24×7 Around the Globe

පාඨලීගේ සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නේය.