FAST NEWS

24×7 Around the Globe

කාලගුණයෙන් රතු නිවේදන

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට අද(23) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150ත් 200ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කළ හැකිය.

මෙලෙස අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලටත් මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන අතර දකුණු පළාතට සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ක පමණ වු වැසි ද ඇති විය හැකියි.