FAST NEWS

24×7 Around the Globe

පාඨලී අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් කොමිසම පවසන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හෙට (23) වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිත වේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පොලිස් කොමිසම වෙත සිකුරාදා ඉදිරිපත් කළ ලිපියකට අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බව වාර්තා වේ.

පොලිස් අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා තිබේ.

ඒ අනුව පොලිස් කොමිසමේ ස්ථාවරය දැක්වීමට පෙර වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබද වාර්තාවක් කැදවන බවයි පොලිස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.