FAST NEWS

24×7 Around the Globe

ශානිගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබේ. 

තමන්ට ලබාදී ඇති ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

ස්ථාන මාරුව අවලංගු කර යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙසට ශානි අබේසේකර මහතා සිය පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.