FAST NEWS

24×7 Around the Globe

විදුහල්පති පුරප්පාඩු පිරවීමේ තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පාසල් 278 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ අයදුම්පත් කැඳවීම පසුගිය දිනවල සිදුකෙරුණු අතර ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සඳුඳා සිට සිදුකරන බව එම අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද පවසයි.

මෙහිදී පුරප්පාඩු පවතින පාසල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් ලෙස පත් කිරීමට තෝරා ගැනීමට නියමිත අතර, ඔවුන්ට පාසල් කිහිපයක් නම් කිරීමටද අවස්ථාව හිමි වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් තෝරා ගන්නා විදුහල්පතිවරුන්ට පාසල් ලබාදීම සිදුකරනු ලබයි.