FAST NEWS

24×7 Around the Globe

රාජිතගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 

අදාළ පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ එම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.