FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න අධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඊයේ (19) දිනයේ මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කෙරුණු අතර එය අද (20) දිනයේ සලකා බැලීමට එහිදී තීරණය කෙරිණි.