(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදානේදී දුම්රිය එංජිමක් පීළී පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වෙන අතර මෙම අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 3. 15 ට පමණය.
දුම්රිය එංජිම සහ එක් දුම්රිය මැදිරියක් මෙලෙස පීලිපැන තිබේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති අතර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.








