FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට දඬුවම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු ලෙස වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

ඒ අනුව විත්තිකාර මහනාමට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කර තිබේ.

ඊට අමතරව මුදල් දණ්ඩනයක් ලෙස විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදලද ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වේ.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායකට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.