(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනමාධ්‍ය ක්ෂේත්රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටුවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ සඳහා වසර 2020 දී බඳවා ගැනිම ආරම්භ කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
මාධ්‍යවේදී තාරුණ්‍ය සඳහා අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි උසස් ඩිප්ලෝමාවක් ලබා දීම සඳහා මාධ්‍ය සඳහා වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක් දින සියයක් ඇතුළත ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මාධ්‍යවේදීන් සඳහා විවිධ ඩිප්ලෝමා ලබා දීම විවිධ මාධ්‍ය ආයතන හරහා සිදු කෙරෙන බවත් මෙම පාඨමාලාව සඳහා ජනසන්නිවේදන ක්ෂේත්රයේ සිටින ප්රවීනයින් හා ආචාර්ය,මහාචාර්යයවරුන් ගේ සහයෝගය ලබා ගන්නා බවත් වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා වසරකට සිසුන් 500-1000ක් අතර බඳවා ගැනේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සති අන්තය හා පස්වරුවේ දේශන පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.








