(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂිත හිස්වැසුම් පැළදීම , සැහැල්ලූ යතුරුපැදි ලියාපදිංචිය සහ එය ධාවනය කරන විට රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය කර තිබේ.
පොලිස් රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක පවසන ආකාරයට ඒ සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම ලබන 27 වනදා දක්වා සිදු කිරීමට නියමිත වේ.
ඉන් අනතුරුව එම උපදෙස් අනුව කටයුතු නොකරන සැහැල්ලූ යතුරුපැදි කරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වනු ඇත.








