(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය විසින් නොවැම්බර් පළමුවනදා සිට පණවනු ලැබූ සුඛෝපභෝගී වාහන බද්ද හේතුවෙන් රථවාහන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ යා හැකි බව ප්රකාශ කර තිබේ.
මෙලෙස මෝටර් රථ , ජීප් රථ , එස් යූ වී රථ ඇතුලු වාහන වල මිල ගණන් මෙලෙස ඉහල ගොස් ඇති බව සභාපති රංජන් පීරිස් කියා සිටියේය.
ඔහු මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ දැනටමත් ආනයනය කර ඇති වාහන පැරණි මිලටම අලෙවි කරන බවත් අදාල වාහන තොග නැවත ආනයනය කරන විට මිල වැඩි කිරීම බලාත්මක කරන බවත්ය.








