FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළමු ශ්‍රේණියට හා විවිධ ශ්‍රේණි සඳහා පාසල් වලට සිසුන් ඇතුළත් කරදෙන බව පවසමින් මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ දැනුම් දෙන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ශාඛාවට හෝ 1988 දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් .එම් .එම් රත්නායක සඳහන් කළේය.

නැතහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.