FAST NEWS

24×7 Around the Globe

ලෝක බැංකුවෙන් ලංකාවට මිලියන ගණනක ණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

රජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතුවල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා මෙම ණය මුදල ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ලෝක බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මුදල් අමාත්‍යාංශයේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීමට, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා උපකාරී වන බවයි.

මෙම ණය මුදල වසර 28ක පරිණත කාලයකින් යුක්ත වන අතර වසර 11 ක සහන කාලයකින් යුක්ත වේ.