(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි මස 20 වනදා ආරම්භ කිරීමට අද (18) නියෝග කළේය.
මීට අදාළ නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදි මෙම නියෝගය දී තිබේ.
ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න ද මෙම යුද හමුදා නිලධාරීන් අතර වේ.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ, මාධ්‍යවේදී නන්දන වීරරත්න සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු යැයි පවසන සුරේෂ් කුමාර් හෙවත් මුරලි යන අය මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර ඔවුන්ටද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.








