(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ ඉදිරියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තුන්දෙනා, දිවුරුම් දී තිබේ.
පෞද්ගලික හේතූන් මත දෙදෙනෙකු මෙම දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගිවී නොතිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙම ප්‍රාදේශිය සභාව සඳහා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු තේරී පත්වුණි.
මෙම වසරේ ඔක්තෝම්බර් මස 11 වන දා පැවති මැතිවරණයේදී කොට්ඨාශ 17ම ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 7 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර දෙකක්ද හිමිවිය.








