FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන ලෙසට ඉල්ලමින් නඩු පවරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන ලෙස නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17) අභියාචනාධිකරණයේ නඩුවක් පැවරූ බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ඒ, ඔක්ටේන් 92 පෙට්‍රල් අලෙවියේදී ඉන්දියන් ඔයිල් සමාගම ලීටරයකට රුපියල් පහක් වැඩිපුර අය කිරීම හේතුවෙන්.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි සැල් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය තිස්හතක මුදලකට බවත්, නමුත්  ඉන්දියන් ඔයිල් සමාගම එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය හතළිස් දෙකක මුදලකට බවත් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කිරීමට කටයුතු කළහොත් එම භාණ්ඩ මිල ගණන් දෙකක් යටතේ අලෙවි කිරීමට නොහැකි වන බවත්, අදාළ කටයුත්ත සිදුකළ යුතු වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරී විෂයභාර අමාත්‍යවරයා විසින් බවත් ඒ මහතා පැවසීය.