FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගමන් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළේය.

අද(16) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් , 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මඟින් කැරම්බෝඩ් 14000ක් හා සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව කැඳවනු ලැබීය.